බිස්කට් හදන්න අලුත් සහල් වර්ගයක් මෙරටින් සොයා ගැනේ..

Sri Lanka Ministry of Agriculture
By Aruna Apr 16, 2023 04:53 AM GMT
Aruna

Aruna

Report

බිස්කට් නිෂ්පාදනය සඳහා යොදාගත හැකි නව ‘වී’ ප්‍රභේදයක් බතලගොඩ වී පර්‌යේෂණායතනය විසින් හඳුන්වා දී තිබෙනවා.

මෙම ප්‍රභේදය බී.ජී. 381 නමින් හඳුන්වනු ලබන බව බතලගොඩ වී පර්‌යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජේ.බී. සේනානායක මහතා පැවසුවා.

කොමේ වර්ගයේ බිස්කට් නිෂ්පාදනය සඳහා මෙම සහල් යොදා ගැනෙන අතර මෙතෙක් කාලයක් කොමේ වර්ගයේ බිස්කට් නිෂ්පාදනයට අවශ්‍ය සහල් ගෙන්වූයේ විදේශ රට වලිණි.

බිස්කට් කර්මාන්ත අංශයට මෙම වී ප්‍රභේදය වඩාත් සාර්ථකව යොදාගත හැකි බවත්, බතලගොඩ වී පර්‌යේෂණායතනය මෙම වී ප්‍රභේදය සොයා ගැනීම ජයග්‍රහණයක් බවද අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් කියා සිටියා.

මෙම වී ප්‍රභේදය අස්වැන්න යම් ප්‍රමාණයක් අඩු අතර, අක්කරයකින් මෙට්‍රික් ටොන් හතරක පමණ අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව පවතී.

වියළි කලාපයේ වර්ෂාපෝෂිත කලාපයට මෙම වී ප්‍රභේදය සුදුසු බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා. පර්‌යේෂණායතනය විසින් තවත් නව වී ප්‍රභේද තුනක් ද හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

එල්.ඩී. 376 (මාස තුන හමාර), නියඟයට ඔරොත්තු දෙන බී.ජී. 377, හොඳ අස්වැන්නක් ලබා දෙන ඒ.ටී. 378 පර්‌යේෂණායතනය විසින් හඳුන්වාදුන් අනෙකුත් වී ප්‍රභේදයන් වනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now