ප්‍රබල දේශපාලනඥයකුගේ කැබ් රථය පෙරලී අනතුරක්

Report

ආගරපතන ප්‍රාදේශීය සභාවේ නව සභාපතිනිය වන ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමූර්ති රතිදේවි මහත්මිය ගමන් කළ ප්‍රාදේශීය සභාවට අයත් නිල කැබ් රථයක් මාර්ගය අතහැර තේ වත්තකට පෙරලී අනතුරකට ලක්වී ඇත.

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

මෙම සිදුවීම වාර්තා වන්නේ ඩයගම පොලිස් වසමට අයත් වෙවර්ල් වතු යායේ මෝර් නින්ටන් කොටසින්ය.

අනතුර සිදුවූයේ (28) දින පස්වරු 4.00ට පමණයි. සභාපතිනිය ඇයගේ ස්වාමියා සහ රියදුරු සමඟ වතු යායේ පැවැති පිළිගැනීමේ උත්සවයකට සහභාගී වීම සඳහා ගමන් කරමින් සිටි අතර දුර ගමනක දී කැබ් රථය පාලනයයෙන් ඉවතට ලිස්සා මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරලී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවට වාර්තා වේ. අදාළ සභාවේ නව සභාපති තනතුර සඳහා රතිදේවි මහත්මිය විවෘත ඡන්ද 08කින් තේරී පත් වී ඇති අතර, උප සභාපති තනතුර සඳහා ජාතික ජන බලවේගයේ අල්ලිමුත්තු ප්‍රදීප් දිනේශර් මහතා පත්වී ඇත.

ඡන්දය විමසූ අවස්ථාවේදී ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටියහ.

තමා තේරී පත් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සභාපතිනිය සඳහන් කළේ, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අනුව ආගරපතන ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් ලබා දීමට තමන් කැප වන බවයි.

මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ

මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ

මෙම නව පත්වීම් සම්බන්ධයෙන් සමහර චෝදනාද ඉදිරිපත් වී ඇත.

එනම්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආගරපතන, කොටගල සහ නුවරඑලිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන් විසින් නිල කැබ් රථවලින් රාජ්‍ය ලාංඡනය සහ සභා නාමය ඉවත් කරමින් එම රථ පුද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා භාවිතා කරන බව සභා සේවකයින් පවසති.