ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්
අභාවප්‍රාප්ත ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(02) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.
ලාල් විජේනායක මහතා දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර, පසුව එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමට ද මූලිකත්වය ගෙන ඇත.
මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ද අධ්‍යාපනය ලබා නීතිඥවරයෙකු ලෙස වෘත්තීය ජීවිතයට එක්විය. එ
මෙන්ම පළමු මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස ද ඒ මහතා කටයුතු කර තිබේ දේශපාලන ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් සක්‍රීයව කටයුතු කළ ලාල් විජේනායක මහතා ජාතික ජන බලවේගයේ ජාතික මෙහෙයුම් කමිටුවේ සහ විධායක කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.