මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ

Report

රජයේ ප්‍රමුඛ බැංකුවක් වන මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 900ක මුදලක් වංචාවට ලක්වී තිබේ නම්, එය සම්බන්ධයෙන් වහාම පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

මෙම සිද්ධිය සිදු වී ඇත්තේ වසර 10කට පෙර වන අතර, එම මුදල් වංචාව සම්බන්ධයෙන් නිසි ලෙස සොයා බැලීමට නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දී තිබේ.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

අදාළ විමර්ශනයේ ප්‍රගතිය 30 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ටද නියෝග කර ඇත. මෙම නඩුව පැමිණිලි කර ඇත්තේ බොරලැස්ගමුව, පැපිලියාන පදිංචි ව්‍යාපාරිකයෙකු වන යසසිරි කස්තුරිආරච්චි මහතායි.

මුතුගල සර් මේ වගේ කෙනෙක්ද ? අපි හිතන හිටියා වැරදියි රු.මිලියනයක් ?

මුතුගල සර් මේ වගේ කෙනෙක්ද ? අපි හිතන හිටියා වැරදියි රු.මිලියනයක් ?

ඔහුගේ සමාගම වන ‘යශෝධා එන්ටප්‍රයිසස්’ නමින් ලබාදී ඇති පැමිණිල්ලකට අනුව, පස්යාලේ පිහිටි අක්කර 48ක ඉඩමක් රුපියල් කෝටි 400ක වටිනාකමින් උක්සුල් කරමින් රුපියල් ලක්ෂ 900ක ණය මුදලක් ව්‍යාජ ලේඛන මගින් ලබාගෙන තිබෙන බවට චෝදනා වේ.

නමුත් එම මුදල පැමිණිලිකරුගේ ගිණුමට නැති බවත්, එවන් විශාල ණයක් ලබා දීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් තිබිය යුතු නමුත් එවැනි තීරණයක් හඳුනාගත නොහැකි බවත් නීතිඥ වන්නිනායක මහතා පැවසීය.