ලබන 21න් පස්සෙ කරන්න යන දේ මෙන්න.

Corona Police Sri Lanka Isolating closed Bus and train
By Aruna Oct 11, 2021 07:39 AM GMT
Aruna

Aruna

Report

පළාත් සංචරණ සීමා ඉවත් කිරීමේ නියෝගය ඉදිරියේදී නිකුත් වීමෙන් අනතුරුව සෞඛ්‍යාරක්ෂිතව අන්තර් පළාත් මගී ප්‍රවාහනය සිදුකිරීම සදහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය බළධාරීන් ලබා දී ඇති උපදෙස් ඉතා තදින් ක්‍රියාත්මක කරන ලෙස බළධාරීන්ට සහ සියලු බස්රථ සේවකයින්ට උපදෙස් ලබා දී ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා පැවසුවේ.

පවතින තත්වය යටතේ නව දුම්රිය කාල සටහන් යොදා ගනිමින් දුම්රිය සේවය ක්‍රියාත්මක වන බවත් හැකි සෑම විටම සීග්‍රගාමී දුම්රිය වෙනුවට තෙරපීමකින් තොරව ගමන් කළ හැකි සාමාන්‍ය දුම්රියක් මගින් ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා ලෙසයි මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.

අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයන් පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියා.

මේ අනුව මෙම මස 21 දින දක්වා පළාත් සංචරණ සීමා පැනවූ බව පසුගියදා ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now