දවස් හතරකින් කුඹුරට ඇවිත් බලද්දි නිරුවත් මළ සිරුරක්
Sri Lanka Police
Death
Law and Order
Sinhala news
Breaking News
By Kaushi
බදුල්ල, කයිලගොඩ වැඩිහිටි නිවාසයට යාබද කුඹුරේ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් අද (18) දින පෙරවරුවේ හමුවූ බවට බදුල්ල පොලීසිය වාර්තා කරයි.
ඒ අනුව කුඹුරේ හිමිකරු දින හතරකින් පසු කුඹුරට පැමිණි පසු එම පුද්ගල මළ සිරුර දැක ඇති අතර අනතුරුව ඔහු පොලීසිය දැනුවත් කර ඇත.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා
පසුව බදුල්ල පොලීසියේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එසේම මළ සිරුර තිබුණු ස්ථානයට ළඟාවීමට පොලීසියට දැඩි උත්සහායක් ගැනීමටද සිදුවු බව සඳහන්.
කෙසේ වෙතත්න් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 65ක පමණ පිරිමි පුද්ගලයෙක් බවට පොලීසිය අනුමාන කරන බව වාර්තා වේ.
එසේම මරණයට හේතුව සොයා වැඩිදුර විමර්ශන බදුල්ල පොලීසිය විසින් සිදුකරයි.