අස්වැසුමේ කොළේ ගන්න ඊයේ රෑ ඉඳන් පෝළිමේ හිටිය අසරණ මිනිස්සුන්ට නිලධාරීන් එකතුවෙලා කරපු දේ
රජයෙන් අඩු ආදායම්ලාභී හා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සිටින පවුල් වෙනුවෙන් ලබා දෙන අස්වැසුම සුභසාධන ගෙවීමේ බැංකු ගිණුම් මාරු කිරීමේ ආකෘති පත්‍ර ලබා ගැනීමට සුබසාධන ප්‍රතිලාභීන් විශාල පිරිසක් අද (18) දින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටා රැස් වී සිටි බව වාර්තා වේ.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිවිසුමේ සිට දියසිරිගම ජලාශ ප්‍රදේශය දක්වා ප්‍රතිලාභීන්ගේ දිගු පෝලිමක් දක්නට ලැබුණු බව සඳහන්.
එසේම මෙහි දී වාර්තා වූයේ අස්වැසුම්ස් ප්‍රතිලාභීන් 17 වන ඉරිදා රාත්‍රියේ සිට එම අයදුම්පත ලබා ගැනීමේ අරමුණින් අද උදෑසන කාර්යාලය විවෘත කරනතුරු මෙසේ දිගු පෝලිම්වල රැඳී සිටි බවයි.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා
එසේ දිගු වේලාවක් පෝලිම්වල රැඳී සිටියද අවශ්‍ය අයදුම්පත් ලබා ගැනීමට දහවල් කාලය පසු වුවත් ලබා ගැනීමට නොහැකි වූ බවට පැමිණි සිටි ප්‍රතිලාභීන් චෝදනා කරයි.
එමෙන්ම අද උදෑසන සිට සුබසාධන ගෙවීම් ලබා ගැනීමට ප්‍රතිලාභීන් විශාල ප්‍රමාණයක් පැමිණියද ප්‍රතිලාභීන් 800 දෙනෙකුට පමණක් ප්‍රමුඛතාවය ලබා දීමෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත් වූ බවත් ඔවුන් පවසයි.
මේ නිසා මහජනතාව දැඩි ලෙස නොසන්සුන්ව හැසිරීමත් සමඟ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පොලිසිය එම ස්ථානයට ගෙන්වීමට කටයුතු කර තිබුණා.
එමෙන්ම ඉකුත් සිකුරාදා ටෝකන් නිකුත් කළ ප්‍රතිලාභීන් 600 දෙනා ද අද ප්‍රතිලාභ ලබා ගැනීමට පැමිණ තිබුණු අතර ඔවුන්ට එහිදී මූලිකත්වය හිමි ව තිබෙන බව සඳහන්.
ඒ අනුව මෙම ක්‍රමවේදයට අමතර තවත් සුදුසු ක්‍රමවේදයක් යොදා මෙම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කර දෙන මෙන් ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.