කෙළිමුණේ ලොකු කෙළියක්, පවුල් 600කටම බොන්න වතුර නෑ

Sri Lanka Water Latest Headlines Sinhala news Breaking News
By Kaushi Aug 18, 2025 12:45 PM GMT
Kaushi

Kaushi

Report

කුරුණෑගල මාර්ගය දෙපස ගල් තලාවක් මත පිහිටි වාරියපොල කෙළිමුණේ ගම්මානය පුරා දැඩි කර්කශ බවක් මතුවී ඇති බව වාර්තා වේ. ඒ ගම්මානයේ ජනතාව මුහුණ දෙන ජල ගැටලුව හේතුවෙන්.

ඒ අනුව ගම්වාසීන් ප්‍රකාශ කර ආකාරයට මෙහි පවුල් 890ක් ජීවත් වන අතර ඉන් පවුල් 600කටම ජල ගැටලුව මතුවී ඇත.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

එසේම ගම්මානයේ පිහිටීම නිසා මෙම ජල ගැටලුව උත්සන්න වී ඇත.

මෙම ජල ගැටලුව විසදීමේ අරමුණින් මීට වසර අටකට පෙර විශාල ළිඳක් ඉදිකර ඇතත් එය මේ වන විට අභාවයට ගොස් ඇති බව සඳහන්.

මෙම ගැටලුව පිළිබඳව වාරියපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ගාමිණි පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ මෙවැන්නක්,

දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

කෙළිමුණේ ප්‍රදේශවාසින්ගේ ඉල්ලීමක් අනුව මෙයට වසර අටකට පමණ පෙර වාරියපොළ ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 22 ක මුදලක් වැය කර කෙළිමුණේ ගම්මානයේ පවුල් 890 කට ජලය ලබාදීම සඳහා මගුරු ඔය ආසන්නයේ විශාල ළිඳක් ඉදි කළා. නමුත් ඒ් ව්‍යාපෘතියට අසාර්ථක වුණා. ජලය රඳවා ගන්න ටැංකියක්, සහ එයට අවශ්‍ය බට, මෝටරයක් ගන්න සල්ලි හරස් වුණා. දැන් ළිඳ සම්පූර්ණයෙන් කැලට යට වෙලා. මෙම ගැටලුව දෙස දැන්වත් රජයේ නිලධාරීන් සංවේදී විය යුතුයි. මේ රජය බලයට ආවෙත් ගමට සලකනවා කියාගෙනනෙ. දැන් නිදිමතේ ඉදලා තේරුමක් නෑ." 

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්