ගුරුවරු කියලා ආයේ නම් මේ සෙල්ලම් බෑ පුතේ, පිළිපැද්දේ නැත්තම් දැඩි දඬුවම්
Law and Order
Education
Latest Headlines
Teachers
Sinhala news
By Kaushi
නගරය අවලස්සන කරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරන පෞද්ගලික පන්ති ගුරුවරුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව හැටන්-දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතා විසින් පවසා ඇත.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා
ඒ අනුව හැටන් නගරයේ පෞද්ගලික පන්ති පවත්වන ඇතැම් ගුරුවරුන් නීති විරෝධී ආකාරයට නගරයේ විවිධ ස්ථානවල පෝස්ටර් අලවා තිබීම නිසා නගරයේ සුන්දරත්වයට හානි වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.
එබැවින් මේ පිළිබඳව අදහස් දැක්වූ සභාපතිවරයා ප්‍රකාශ කළේ, මෙසේ නගරය අවලස්සන කරන පෞද්ගලික පන්ති ගුරුවරුන්ට වහාම මෙම ක්‍රියාව නතර කරන ලෙස දැනුම් දීමට පියවර ගෙන ඇති බවත්, එය නොසලකා හරින අයට විරුද්ධව දැඩි නීතිමය පියවර ගන්නා බවත්ය.
එසේම නගරයේ පිළිවෙළ හා පිරිසිදුකම පවත්වාගෙන යාමට මෙම පියවර අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණයෙන් සඳහන් කර ඇත.