යහපාලන ආණ්ඩුවේ පවුවලටත් මේ ආණ්ඩුව වගකියන්න ඕනේ මහ බැංකු මංකොල්ලයටත්, පාස්කු ප්‍රහාරයටත් අනිවාර්යයෙන් ජේ.වී.පී. එක වගකියන්න ඕනෑ - නාමල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංව්ධායක පත්කළ මන්ත්‍රි නාමල් රාජපක්ෂ විසින් රැකියා උත්පාදනය කරමින් ජනතාවගේ වුවමනා එපාකම් සොයා බලමින් ශක්තිමත් ආර්ථිකයක් හදන්න මේ ආණ්ඩුවට වුවමනාවක් නැති බව ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ලාහුගල පානම් පැවැති ගමෙන් ගමට පාක්ෂික හමුවක් අමතමින්.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ,

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා
"මේක සුන්බුන් ආණ්ඩුවක් කියනවා. මේ කියන්නෙ රටේ ජනාධිපති මම නෙවෙයි. ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරුන්ට පවා ස්වාධීනව තීන්දු තීරණ ගන්න පුළුවන්ද කියලා මම දන්නෙ නෑ. ජවිපෙ පක්ෂ කාර්යාලයයි, පක්ෂයට අවනත කිහිපදෙනෙක් සහ මිත්‍ර ව්‍යාපාරිකයො කිහිපදෙනෙක් තමා මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නෙ, ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් ඉන්නවා ඒ අයට ඕන ව්දිහට පිටරටින් භාණ්ඩ ගෙන්වන්න පුළුවන්. ඒ අයට ඕන විදිහට බදු සහන ලැබෙනවා, ඒ අයට ඕන විදිහට ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්. අනෙක් අයට එහෙම බැහැ, තමන්ගෙ හිතවතුන් කිහිපදෙනකුට ලාභ ලැබෙන ආණ්ඩුවක් වෙනුවට ගමේ ගොවියාව, ධීවරයාට අතට ආදායමක් එන විදිහට මේක හදන්න ඕන, අසීමිත බදුවලින් මිනිස්සු නිදහස් කරවන්න ඕන. එහෙම නැතුව විපක්ෂය මර්දනය කරන අපට හොරා කියලා නඩුදාලා අපිව පොලීසි ගානෙ රස්තියාදු කරලා ගමේ ජනතාවගේ බඩගින්න නිවන්න බෑ.
ආණ්ඩුව එහෙම හිතන් ඉන්නවා නම් ආණ්ඩුවට වැරදිලා, අපි දැක්කා අද වාර්තාවක් ඇවිත් තියෙනවා 'හියුමන් රයිටී' සංවිධානයෙන් රටේ දුප්පත්කම දෙගුණ වෙලා අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්ද පෝෂණය දෙගුණ වෙලා කියලා. ජනතාවට තුන්වේල කන්න නැතිව ආර්ථික පීඩනයට ලක්වෙලා කියලා ඒ අය කියනවා. මම දැනන් හිටියා මේගොල්ලො රනිල් වික්‍රමසිංහ මහත්තයා සමඟ සමීප සබඳතාවක් තියෙනවා කියලා. ඒත් මම දැනන් හිටියෙ නැහැ මේ කට්ටිය රනිල් වික්‍රමසිංහගේම ප්‍රතිපත්ති අරන් යයි කියලා, තවදුරටත් අදහස් දක්වමින් යහපාලන ආණ්ඩුව කාලෙ දූෂණ මර්දන කමිටු හදාගෙන අරලියගහ මන්දිරයේ නතර වෙලා හිටියා කියලා අපි දන්නවා. ඒ නිසා යහපාලන ආණ්ඩුවේ පවුවලටත් මේ ආණ්ඩුව වගකියන්න ඕනෑ. මහ බැංකු මංකොල්ලයටත්, පාස්කු ප්‍රහාරයටත් අනිවාර්යයෙන් ජේ.වී.පී. එක වගකියන්න ඕනෑ" යනුවෙන්.
මේ අතර මෙම අවස්ථාවට ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ඉන්දික අනුරුද්ධ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී, වීරසිංහ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාප්පක්ෂ ඇතුළු පිරිසක් පැමිණ සිටි බව සඳහන්.