ඉස්සරහට බැංකුවලට යන්න වෙන්නෙත් බයෙන්...හිස් කොළවලට අත්සන් ගන්නවා
පරාටේ නීතියට මුවා වී දේපළ පවරා ගැනීම සම්බන්ධයෙන් බැංකුවලට නඩු පැවරීමක් පිළිබඳව වාර්තා වේ.
ඒ අනුව ‘පරාටේ’ නීතියට මුවා වී බැංකු කූට ලේඛන සකස් කොට ණය හිමියන්ගේ දේපළ පවරා ගන්නා බව සඳහන් වේ.
මෙහිදී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා ප්‍රකාශ කළේ අදාළ බැංකුවලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරීමට නීතිඥ සහාය ලබා ගනිමින් සිටින බවයි.
එසේම අඳාළ නඩුවට අවශ්‍ය සියලුම තොරතුරු රැස් කොට එම ලියකියවිලි එළඹෙන 29 වන දිනට අදාළ නීතිඥවරුන්ට භාර දෙන බව ද ඔහු පවසයි.
ඒ අනුව නඩුව ගොනුකරන ආකාරය සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන්. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බැංකුවට දේපළ ඇපයට තබා මුදලක් ලබා ගැනීමේදී එම බැංකුවලින් හිස් කොළවලට අත්සන් ලබාගෙන තිබෙන බවයි.
මෙය සම්පූර්ණයෙන් ම අසාධාරණ තත්ත්වයක් වේ. එසේම බැංකුව කෙරෙහි ඇති දැඩි විශ්වාසය මත පදනම් වී ණය හිමියන් හිස් කොළවල අත්සන් ලබා දී ඇත.
එසේ වුවත් බැංකුවලින් නීතියට පටහැනිව දේපළ පවරාගෙන වෙන්දේසි කරන බව සුසන්ත මහතාගේ චෝදනාව විය.
එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරන්නේ අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් සහනයක් ලබා ගැනීමේ අරමුණින් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
පරාටේ නීතිය යටතේ ණය ගෙවීමට නොහැකි වූ අයගේ දේපළ බැංකුවලින් වෙන්දේසි කරන විට කිසිවෙක් මිලදී නොගතහොත් එම දේපොළ රුපියල් 1000කට පවරා ගැනීමට බලය ඇති බව පැවසූ ඔහු එමඟින් නිසි තක්සේරු වටිනාකමක් නොලැබෙන බව ද පවසයි.
තවද එම වෙන්දේසියේදී ඉඩම හෝ දේපළ විකුණා ලැබෙන ඉතිරි මුදල සතියක් ඇතුළත දී ණය හිමියාට ලබා දිය යුතු වේ.
එහෙත් එය කිසිදු බැංකුවකින් සිදු නොවන බව ද මෙහි දී වාර්තා විය.
ඒ අනුව මෙසේ බැංකුවලින් දේපළ පවරා ගැනීම නිසා 20,000කට අධික පිරිසක් අසාධාරණයට මුහුණ දී සිටියි.
මෙහි දී ඔහු තවදුරටත් කියා සිටියේ ‘පරාටේ නීතිය’ වෙනස් කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරණයට පෙර ජනාධිපතිවරයා පොරොන්දු වී සිටි බවයි.
එහෙත් එය අද බොරුවක් බවට පත්වී ඇත.
