නිළි රැජිණියගේ අවසන් කටයුතු ගැන නිවේදනයක්

Report

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා දිනයේ දී සිදු කරන බව වාර්තා වී තිබෙනවා.   

ඒ අනුව පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අද (24) පස්වරු 5:00ට ඇයගේ නිවස වෙත ගෙන ඒමට නියමිතව තිබෙන බවයි වාර්තා වී ඇත්තේ .

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය 25 වන ඉරිදා දින පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් තැන්පත් කිරීමට නියමිතයි.

මාලනීගේ නිසල දේහය සෝසුසුම් මැද මල්ශාලාවට රැගෙන එයි [video ]

මාලනීගේ නිසල දේහය සෝසුසුම් මැද මල්ශාලාවට රැගෙන එයි [video ]

නිළි රැජිණ මාලනී ෆොන්සේකා අද අළුයම අභාවප්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.   මියයන විට ඇය 78 වන වියේ පසු වුණා.