ඇෆ්ගනිස්ථානුවන් පාකිස්ථානයෙන් නෙරපයි
Pakistan
Afghanistan
World
By Hashini
පාකිස්ථානය විසින් මෙම මාසය තුළදී පමණක් ඇෆ්ගනිස්තානුවන් 19,500 කට වැඩි පිරිසක් එරටින් පිටිවහල් කිරීමට පියවර ගෙන ඇති ජගත් සංවිධානය පවසනවා.
ලියාපදිංචි නොවූ සහ තාවකාලිකව රැඳී සිටීමට අවසර ලබා දී ඇති ඇෆ්ගනිස්ථාන් ජාතිකයින් මෙලෙස පාකිස්තාන නිලධාරින් විසින් නෙරපා හරින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දිනපතා පවුල් 700 ත් 800ත් අතර ප්‍රමාණයක් පිටුවහල් කරනු ලබනවා.
ඉදිරි මාසවලදී එම ප්‍රමාණය මිලියන දෙකක් දක්වා ඉහළ නංවනු ඇති ඔවුන් අපේක්ෂා කරනු ලබන බවද සඳහන්.
විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා සඳහන් පාකිස්ථානය තුළ ලියාපදිංචි නොවූ ඇෆ්ගනිස්තාන ජාතිකයන්ට රට හැර යාම සඳහා පාකිස්ථානය විසින් අප්‍රේල් 30 වනදා මාසයක සහන කාලයක් ලබා දී ඇති බවද සඳහන්.
