ලංකාවේම හදවත් ශෝකයෙන් පුරවමින්, 06න් 04ක් ම පැරදෙයි - මෙවර පරාජයට හේතුව හෙළි වෙයි.. අවසන් පූර්ව වටයට සිංහයින්ට යන්න පුලුවන් වෙයි ද?. මේ ඒ ගැනයි.
Cricket
Sri Lanka Cricket
Sri Lanka
Pakistan national cricket team
Afghanistan Cricket Team
By krishani
පෙරේදා (30) දින එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවතියේ ය.
එම තරඟයේ දී ලංකාව පරාජයට පත්වීමේ වගකීම තමන් භාරගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සඳහන් කළේ ය.
ඒ බව ඔහු තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබිණ.
ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස තමන්ට කඩුලු ලබාගත නොහැකිවීම මෙන්ම මැදපෙළ පිතිකරුවන් සිය වගකීම ඉටුනොකිරීම ද පරාජයට හේතු වූ බව අදහස් දක්වමින් ඔහු පැවසීය.
මේ අතර තරඟාවලියේ සහභාගි වූ තරග 06 න් 04 ක් ලංකාව පරාජයට පත් විය.
කෙසේවෙතත්, අවසන් පූර්ව වටයට පිවිසීම සදහා ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ නෙදර්ලන්තයට තවදුරටත් අවම අවස්ථාවක් පවතින බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙයි.
