රුසියාවේ එයරොෆ්ලොට් නැවත ලංකාවට එන ලකුණු.
ලබන ඔක්තෝබර් මාසයේ සිට රුසියානු එයරොෆ්ලොට් ගුවන් සේවය නැවතත් මොස්කව් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව එම ගුවන් සේවාවේ ශ්‍රී ලංකා නියෝජිත සමාගමක් වන මෝල්ඩිවියානා ඒවියේෂන් සමාගමේ සභාපති ආචාර්ය ධර්මදාස වික්‍රමගේ මහතා පවසනවා.
පසුගිය ජුනි 2 වන දා කටුනායක ගුවන්තොටුපොළට පැමිණි එයරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් එයාර් බස් A330 ගුවන් යානයක් රඳවා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ වාණිජ අධිකරණය නියෝග කරනු ලැබුවා.
ඉන්පසුව රුසියානු එයරොෆ්ලොට් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව වෙත ළඟා වන සියලුම ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවා.
එම හේතුවත් සමඟ දෙරට අතර බලවත් රාජ්‍ය තාන්ත්‍රික අවුලක් ද නිර්මාණය විය.
එමෙන්ම ශ්‍රී ලංකාවට වැඩි ම සංචාරකයන් පිරිසක් ඒ වන විට පැමිණෙමින් තිබූ රාජ්‍යය වූයේ රුසියාව වන්න අතර මෙම රාජ්‍ය තාන්ත්‍රික අවුල නිසා රුසියානු සංචාරකයන් පැමිණීම නතර වුණා.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට බරපතළ පහරක් එල්ල වූ අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීම මෙරට සංචාරක ව්‍යාපාරයට බලවත් රුකුලක් වනු ඇති බවයි මෝල්ඩිවියානා ඒවියේෂන් සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.