ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ආදර්ශා කරඳනගෙන් පෙත්සමක්..
ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ආදර්ශා කරඳනගේ නීතිඥයින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබෙනවා. තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන හෙයින් අපේක්ෂිත ඇපයක් මත මුදාහරින මෙන් ඉල්ලා සිටිමින් මෙලෙස පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සම අද (03) සලකාබැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ජනවාරි මස 10 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කළා.
ආශු මාරසිංහ මහතා සුනඛයෙකු සමග අස්වාභාවික ක්‍රියාවක යෙදෙන වීඩියෝවක් ප්‍රකාශයට පත්වීමෙන් පසුව එය ව්‍යාජ ලෙස සකස් කළ වීඩියෝවක් බව සඳහන් කරමින් ඒ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි පෙත්සම්කාර කාන්තාව කියා සිටින්නේ.
එම පැමිණිල්ලට අදාළව පෙත්සම්කාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවත් පෙත්සමේ සඳහන් කර තිබේනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
