රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩට ඇප

Report

මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු නිකුත්ව තිබූ රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

වැලිකඩ පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියේ, සැකකාරිය පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් එහි සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව වරෙන්තු 7ක් නිකුත් කර ඇති බවයි.

සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු 4ක්, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු 2ක් සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් වරෙන්තුවක් නිකුත් කර තිබෙන බව පොලිසිය සඳහන් කළා.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඇය රංගන ශිල්පිනියක් බවත්, අධිකරණය මගහැරීමේ කිසිදු අවශ්‍යතාවයක් ඇයට නොතිබූ බවත් පැවසුවා.

ඇතැම් නඩුවලට අදාළ මුදල් ඇය විසින් ගෙවා අවසන් කර ඇති බවත්, එම නඩු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කර ගෙන ඇති බවත් නීතිඥවරු දැනුම් දුන්නා.

පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම තොරතුරු.. - මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට..

පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම තොරතුරු.. - මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට..

කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ, සැකකාරිය රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළා.

ඒ අනුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත්ව ඇති පැමිණිලි 4ට අදාළ මුදල් ගෙවීම්වල වාර්තා ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා සැකකාරියට නියෝග කළා.