"..මම යුද හමුදාවේ සේවය කළ නිලධාරියෙක් වීම ගැන අදටත් ආඩම්බරයි" කඩවසම් නළු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි..(PHOTOS)

actor army social media gossip Isury Lokuhettu Arachchi Gossup
By Sewvandhi Mar 02, 2022 06:23 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අපේ රටේ මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියලා කියන්නේ. ඉතින් ඔහුව අපට මේ දිනවල “ගිනිමල් පොකුරු”‍ හා “කවුරුවත් දන්නේ නැහැ ”‍ චිත්‍රපට ඔස්සේ දැකගන්න ලැබෙනවා.

ඉතින් මේ දක්ෂ කඩවසම් රංගන ශිල්පියා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් උදයකාන්ත වර්ණකුලසූරිය මහතාගේ නවතම සිනමාපටය වන ගිනිමල් පොකුරු කියන්නේ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ලංකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කළ චිත්‍රපටයක්.

ඉතින් නීතිය හසුරුවන පුද්ගලයෙක් නීතිය භාවිතා කරමින් තම පහත් අරමුණු සාක්ෂාත් කරගන්නා අයුරු තමයි රංග කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ චරිතය තුළින් නිරූපණය කරන්න තිබුණේ කියලයි ඉසුරු පවසන්නේ.

ලංකාව තුළ මේ වගේ චරිතයකට පණ පොවන එක අභියෝගාත්මක වුණත් ඒ අභියෝගයට ඔහු කරපු කැපවීම තුළින් චරිතයට සාධාරණයක් කරන්නත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්නත් ඔහුට හැකි වෙලා තියෙනවාලු. ඒ ගැන ඔහුට ආඩම්බරයකට එහා ගිය නිහතමානී සතුටක්ලු තියෙන්නේ.

ඉතින් ඒ වගේම ඔහු ටෙලිනාට්‍ය, චිත්‍රපටවල ඕනේ තරම් රඟපාලා තියෙනවාලු. මේ වෙද්දී චිත්‍රපට 12කට පමණ රංග දායකත්වය ලබා දීලා තිබෙනවා කියලත් ඔහු පවසනවා. ඉතින් ඒ අතර සිනමා නිර්මාණ දෙකයිලු වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිකුත් වුණේ. අනෙක් සියලු‍ චිත්‍රපට එකිනෙකට වෙනස් චරිතයන් ඔස්සේලු නිර්මාණය වුණේ.

ඉතින් ඒ වගේම අදටත් ඔහු කිසිම නිර්මාණයක් තුල චරිත හරහා කොටු වෙලා නැහැලු. නිදහසේ පියා, රශ්, වැඩ බැරී ටාසන්, පාර්ලිමන්ට් ජෝක්ස්, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්, කවුරුවත් දන්නේ නැහැ, තිරගත වීමට නියමිත මන්දාරා වගේ සිනමා නිර්මාණයන්හි රංගනයේ යෙදිලා තියෙනවා වුනාට ඒවා එකිනෙකට වෙනස් චරිත කියලයි ඔහු පවසන්නේ.

ඉතින් ඒ වගේම ඔහු හිතන්නේ නැහැලු වෘත්තීයමය රංගන ශිල්පියෙක් විදිහට හැම චරිතයක්ම බාර ගත්තා නම් මෙතනට එන්න ලැබේවි කියලා. ඉතින් ඔහු ලැබෙන හැම චරිතයක්ම භාරගන්නේ නැහැලු. නමුත් ලැබෙන හොඳ නිර්මාණයක්ම චරිතයක්ම ඔහු කිසිමවිටක දී මඟ හරින්නේ නැහැ කියලත් ඔහු පවසනවා.

ඉතින් ඒ වගේම රඟපාන්න තිබුණ ආසාව නිසා තමයිලු ඔහු හමුදාවෙන් ඉවත් වුණේ. ඒක ඔහුගේ දෛවය වෙන්න ඇතිලු. යුද හමුදාවේ හිටියා නම් මේ යුද හමුදාවේ සේවය කරන 19 වන අවුරුද්දලු. එහෙම වුණා නම් අවුරුදු 20ක සේවය සම්පූර්ණ කරලා ලබන 2023 අවුරුද්දේ දී යුද හමුදා නිලධාරියෙක් විදිහට විශ්‍රාම යන්නත් තිබුණා කියලයි ඔහු පවසන්නේ.

නමුත් ඇත්තටම ඔහු රංගන ශිල්පියෙක් වීම සම්බන්ධයෙන් සියයට සියයක්ම තෘප්තිමත් වෙනවාලු. කිසිම පසුතැවීමක් නැහැ කියලයි ඔහු පවසන්නේ. ඒ වගේම යුද හමුදාවේ සේවය කළ නිලධාරියෙක් වීම ගැන ඔහු ආඩම්බර වෙනවා විතරක් නෙවෙයි හිස නමලා යුද හමුදාවට අදටත් ආචාර කරනවාලු.

ඉතින් ඒ වගේම ඔහුට මේ කලා ක්ෂේත්‍රය තුළ කිසිම තරගයක් නැහැලු. ඔහු ඔහුගේ ගමන යන්නේ තනියම ඔහුගේ හැකියාවන් හා දක්ෂතාවන් එක්කලු. ඒ නිසා මේ රේස් එක තියෙන්නේ ඔහුත් සමගමලු. රේස් එක දිනන්න ඕනි ඔහුගේ ජීවිතයේ අප්ඬේට් එක තුළින් කියන එක තමයිලු ඔහුගේ අදහස.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha