ලොරියක් දරුණු ප්‍රපාතයකට පෙරළී දරුණු රිය අනතුරක් - (VIDEO)

srilanka Accsident Bandarawela ella-wallawaya
By Sewvandhi Sep 22, 2021 10:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බණ්ඩාරවෙල සිට බදුරලිය දක්වා එළවළු ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල දේවාලය ආසන්නයේ දී ලොරි රථය එලෙස අනතුරට පත්ව ඇත. ලොරි රථය ප්‍රපාතය ට පෙරළී යෑමෙන් පසුව එහි සිරවී සිටි රියදුරු බේරාගැනීමට පැය 3ක පමණ කාලයක් කොටසක් ගතව තිබේ. ප්‍රපාතයට වැටී ලොරි රථය ගස් අතර සිරවී තිබු අතර, එම ස්ථානයට රැස්ව සිටි පිරිස හා පොලිස් නිලධාරීන් එක්කව ලොරි රථයෙක් කොටසක් කපා ඉවත් කිරීමෙන් අනතුරුව රියදුරු බේරා ගැනීමට සමත්විය.

ප්‍රපාතයට පෙරළී තිබු ස්ථානයට අප වාර්තාකරු ළඟා වු අතර එහිදී සිරවී සිටි රියදුරා වේදනාවෙන් සිටින අයුරු අපට දැකගත හැකි විය. "ගන්න බෑ හිරවෙලා තියෙන්නේ හොඳට ම" යනුවෙන් පවසමින් ඔහු ජීවිතය ගැන අනපේක්ෂිත තත්ත්වයක සිටිය ද එහි සිටි කිසිවෙකුත් බලාපොරොත්තු අත්හැරියේ නැත.

පසුව රැස්ව සිටි සියලුදෙනා එකාවන්ව මහත් වෙර දරා රියදුරුව බේරා ගැනීමට සමත්වුණි. ලොරි රථයෙන් ඉවතට ගත් රියදුරු බදුල්ල රෝහලට ඇතුළත් කළ අතර ඔහුගේ පාදවලට බරපතළ තුවාල සිදුව තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now