15ක් රෝහලට යැවූ බිහිසුණු අනතුරක්

By Sithumi Apr 15, 2023 05:50 PM GMT
Sithumi

Sithumi

Report

ඇඹිලිපිටිය, හිඟුරආර ගල්වංගුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 15දෙනෙකු බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ම්එ

ම අනතුර සිදුව තිබුණේඅද ( 15) පස්වරු 4.30ට පමණ කැබ් රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුරුව යතුරුපැදියකද ගැටීමෙන්.

එම අනතුරින් ළමුන් හයදෙනෙකු පිරිමි පුද්ගලයින් සිවුදෙනෙකු හා කාන්තාවන් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.