දැරියකට මරු කැදවූ අනතුර

By Mithu Apr 15, 2025 04:55 AM GMT
Report

 ඇල්පිටිය - අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ නගරයේදී අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මියගොස් තිබේ. අම්බලන්ගොඩ දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

මාධවී , කසුන් පළමුවරට පුතුගේ මුහුණ පෙන්වයි - එයා නම් රාජ කුමාරයෙක්.

මාධවී , කසුන් පළමුවරට පුතුගේ මුහුණ පෙන්වයි - එයා නම් රාජ කුමාරයෙක්.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු, පිටුපස අසුනේ ගමන් කළ පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස එක් දැරියක මියගොස් තිබේ.

සෙසු තුවාලකරුවන් ඇල්පිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. මියගිය දැරිය වයස අවුරුදු 06ක් වූ කුරුඳුවත්ත, පිටිගල ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අද - හෙට සහ අනිද්දා බස් ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

අද - හෙට සහ අනිද්දා බස් ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්