අද - හෙට සහ අනිද්දා බස් ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

By Shehan Apr 15, 2025 01:57 AM GMT
Report

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, මගී ජනතාවගේ අවශ්‍යතාවයට අනුව අද (15) සිට බස් රථ ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවයි.

එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය පැවසුවේ, සාමාන්‍ය කාල සටහන යටතේ අද සහ හෙට බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?

අනිද්දා සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඇය සඳහන් කළාය.

මේ අතර, අද සාමාන්‍ය කාර්යාල දිනයක් වීම හේතුවෙන් කාර්යාල දුම්රිය ධාවනය සුපුරුදු පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද දවසේ ඔබේ දෛවය සහ වාසනාව...ඔබම දැන ගන්න

අද දවසේ ඔබේ දෛවය සහ වාසනාව...ඔබම දැන ගන්න

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අදාළ දුම්රියන් ධාවනයට එක් කරන බවයි.