පාර්ලිමේන්තුව අසල බිහිසුණු අනතුරෙන් හතර දෙනෙකු රෝහලේ දෙදෙනෙකුට බරපතලයි ..(VIDEO)
By Piyumika
පැලවත්ත රාජගිරිය මාර්ගය පාර්ලිමේන්තුව අසන්නේ දී තරුණයන් සිව් දෙනකු ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථයක් වෑන් රථයක ගැටීමෙන් අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරන ලදී.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව වෑන් රථයක ගැටි අනතුරුව ගසක ද ගැටීමෙන් මෝටර් රථය දෙකට වෙන් වී මෙලෙස අනතුරට ලක්වී ඇත.
මෝටර් රථය පළමුව වෑන් රථයේ ගැටි අනතුරුව කොන්ක්‍රීට් කණුවකද ගැටී ගසෙහි ගැටී ඇතැයි පොලිසිය පැවසිය.
පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සඳහන් විය.
කෙසේ වෙතත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඉන් එක් අයෙක් මරණයට පත් වූ බව සදහන් වේ.මෙලෙස මිය ගොස් ඇත්තේ පෞද්ගලික සරසවියක සිසුවකුය. තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,