දිල්ලි කැපිටල්ස් සමඟ එක්වුණු දසුන් ශානක (PHOTOS)

By Shehan Mar 17, 2025 04:48 AM GMT
Report

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ එක්ව ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙවර තරගාවලිය ආරම්භය පෙර එම කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ සාමාජිකයින්ට ආශිර්වාද එක් කිරීමේ විශේෂ පූජාවකට දිල්ලි කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් සමඟ දසුන් ද එක්ව සිටින ආකාරය එම ඡායාරූපයේ දැක්වෙනවා.

හෝලි එක්ක ඇමති වසන්ත සමරසිංග ෆුල් ෆන්.. (PHOTOS)

හෝලි එක්ක ඇමති වසන්ත සමරසිංග ෆුල් ෆන්.. (PHOTOS)

කෙසේ වෙතත් දසුන්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ එක්කර ගත්තේ යන්න සම්බන්ධයෙන් තවමත් දිල්ලි කැපිටල් කළමණාකාරීත්වය නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නැහැ.

 මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා දසුන් ශානක ඉදිරිපත් කර තිබුණ ද ඔහුව මිල දී ගැනීමට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

 

විදුලි ගාස්තු අප්‍රේල් මස 40% ක් දක්වා ඉහළට!

විදුලි ගාස්තු අප්‍රේල් මස 40% ක් දක්වා ඉහළට!

කෙසේ වෙතත් මිට පෙර දිල්ලි කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන සිටි එංගලන්ත ක්‍රීඩක හැරී බෲක් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන බවට දැනුම්දීමත් සමඟ දිල්ලි සංචිතයේ පුරප්පාඩුවක් ද මේ වනවිට පවතිනවා.


GalleryGallery