පොලිස් නිලධාරිනියගේ ස්වාමියා කරපු වැඩෙන් ජීවිත දෙකක් අහිමි වෙයි..
තිස්සමාහාරාම මුතියම්මාගම ප්‍රදේශයේදී සිදුවූ ත්‍රී රෝද රථ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ සවස තිස්සමහාරාම බෙරලිහෙල මාර්ගයේ මුතියම්මාගම ප්‍රදේශයේදී අනතුර සිදුව ඇත්තේ ලොරියක් සහ ත්‍රී රෝද රථයක් ගැටීමෙන්.
බෙරලිහෙල සිට තිස්සමහාරාම දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථය එක්වරම මාර්ගයේ දකුණුපසට හැරවීමේදී බෙරලිහෙල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටී ඇදී ගොස් අසල තිබූ ගේට්ටු කණුවක ද ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
අනතුරින් ත්‍රී රෝද රථය පැදවූ 23 හැවිරිදි තරුණයා සහ එහි ගමන් කළ 53 හැවිරිදි කාන්තාවක් මරණයට පත්වුනා.
ඔවුන් බෙරලිහෙල සහ මුතියම්මාගම ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෘත ශරීර දෙබරවැව රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුරට අදාළව ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තිස්සමහාරාම පොලිසියයි පරීක්ෂණ සිදුකරන්නේ.
මියගිය අයගේ ඥාතීන් පවසන්නේ ලොරි රථය පැද වූ පුද්ගලයා තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරිනියකගේ ස්වාමිපුරුෂයා බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවටද අනාවරණ වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |