බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මිය යයි - සංවේදී පුවතක්

Sri Lanka Police Accident
By krishani Sep 10, 2022 03:54 AM GMT
krishani

krishani

Report

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රංවල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

කොළඹ – මහනුවර මාර්ගයේ දකුණු පසට බරව ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ යතුරුපැදි 3ක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් යතුරුපැදි තුනෙහි ගමන් ගත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ති‌බේ.

තුල්හිරිය හා වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචි 27 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙක් එලෙස මිය ගොස් තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් සැකපිට වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join