රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට.
Accident
By krishani
බෙලිඅත්ත - හක්මණ මාර්ගයේ වහරග්ගොඩ ප්‍රදේශයේ දී හක්මණ සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් අනතුරට ලක් වී ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇත.
46 හැවිරිදි මිය ගිය කාන්තාව මීඇල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු ද සුළු තුවාල ලබා හත්බෝධිය රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ (13) උදෑසන ත්‍රීරෝද රථ රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී මෙම අනතුර සිදුව ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |