අවුරුදු 17ක දරුවෙකුට දිවි අහිමි කළ බිහිසුණු අනතුර

By Piyumika Nov 10, 2024 02:14 AM GMT
Report

 ඊයේ (09) සවස් කාලයේ සෙවනගල පොලිස් වසමේ සෙවනගල දිවුල් ගස් හන්දිය මාර්ගයේ මිහිඳුපුර ප්‍රජා ශාලාව අසලදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

සෙවනගල දෙස සිට දිවුල් ගස් හන්දිය දෙසට ධාවනය වූ බස් රථයක් ගැමුණුපුර දෙස සිට ලක්සිරිගම දෙසට ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

තත්වය දරුණු අතට .. ජනතාව වඩාත් අවදානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

තත්වය දරුණු අතට .. ජනතාව වඩාත් අවදානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

අනතුරින් යතුරු පැදිකරු සහ පසු පැදිකරු බරපතල තුවාල ලබා සෙවනගල රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17ක් වූ කිරි ඉබ්බන්ආර,සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.