ලංකාවම සංවේදී කළ, ඊයේ රෑ කෝච්චියට යට වුණ දරුවාගේ සහ පියාගේ සිරුරු කොටස් ගැන තීරණයක් මෙන්න..

Sri Lanka Police Investigation Train Crash Accident Latest Headlines Decision Making
By krishani Oct 13, 2024 02:41 PM GMT
krishani

krishani

Report

ඊයේ (12) රෑ කළුතර - කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ දී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත් විය.

ඒ මාතර සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් ය.

වහාම ගුවන් හමුදාව තීරණයක් අරන්.. ලක ලෑස්තිත් වෙයි.. හෙලිකොප්ටර් 03කුත් ස්ථානගත කරලා.. කරන්න යන දෙය මෙන්න..

වහාම ගුවන් හමුදාව තීරණයක් අරන්.. ලක ලෑස්තිත් වෙයි.. හෙලිකොප්ටර් 03කුත් ස්ථානගත කරලා.. කරන්න යන දෙය මෙන්න..


එහිදී අණාවරණය වුයේ එම සිද්ධියේ පියා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවටයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර වෙනිවැල්කැටිය, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචි රොෂාන් ජානක නැමැති 49 හැවිරිදි විවාහක පුද්ගලයක්, තරුෂ අසංක නම් 21 හැවිරිදි පුද්ගලයකු සහ සනුල් මිතේෂ් නැමැති වයස අවුරුදු දෙකක් පමණ වන දරුවෙක් ය.

අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

ප්‍රධාන නගරයක දී දේශපාලඥයෙක්ට වෙඩි තියලා.. බොලිවුඩ් තරු එක්කත් සමීප සබඳතා පවත්වලා.. කවුරුත් නොහිතපු දෙයක් වෙලා මෙන්න..(PHOTOS)

ප්‍රධාන නගරයක දී දේශපාලඥයෙක්ට වෙඩි තියලා.. බොලිවුඩ් තරු එක්කත් සමීප සබඳතා පවත්වලා.. කවුරුත් නොහිතපු දෙයක් වෙලා මෙන්න..(PHOTOS)


මේ අතර, අනතුරට ලක්වූ කුඩා දරුවා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා විය.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ 21 හැවිරිදි තරුෂ අසංක නැමැත්තා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි.

ඔහු සිය දරුවා රැගෙන නිවසින් පිටව දුම්රිය ස්ථානය දෙසට ගමන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සැක සිතී ඔවුන් පසුපසින් ජීවිතක්ෂයට පත්වූ 49 හැවිරිදි පුද්ගලයාද ගමන් කර තිබෙනවා.

පසුව දුම්රිය වේදිකාවේ රැඳී සිටි ඔවුන් දෙසට දුම්රියට එනු දැක එම දරුවා සහ ඔහුගේ පියා දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා උත්සාහ කිරීමේදී ඔවුන් තිදෙනාම දුම්රිය මාර්ගයට ඇද වැටී අනතුරුට ලක්ව ඇත.

පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..

පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..


මේ අතර, අනතුර සිදුවූ ස්ථානය අසළ තිබී මත්පැන් වර්ගයක්ද හමුවූ බව දුම්රිය නියාමකවරයා දුම්රිය දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත.

එමෙන්ම, මෙම අනතුරින් ජීවිතක්ෂයට ලක් වූ දරුවාගේ සහ පියාගේ සිරුරු කොටස් දන් දීමට පවුලේ ඥාතීන් තීරණය කර තිබෙනවා.

එම දරුවාගේ හදවත කොළඹ ළමා රෝහලට ලබා දෙන බවත් මියගිය තරුෂගේ හදවතත් ඇස් දෙකත් පින් පිණිස දන් දෙන බවත් ඥාතීන් වැඩිදුරටත් පවසා සිටියේ ය.

අනුර යන්නෙත් රනිල්ගේ පාරේ?. හරීන් ඡන්දෙට එන්නේ ලැජ්ජාවෙන් බේරෙන්න ද?. - හරීන් එකවරම කීව පුදුම හිතෙන දෙය මෙන්න..(VIDEO)

අනුර යන්නෙත් රනිල්ගේ පාරේ?. හරීන් ඡන්දෙට එන්නේ ලැජ්ජාවෙන් බේරෙන්න ද?. - හරීන් එකවරම කීව පුදුම හිතෙන දෙය මෙන්න..(VIDEO)


මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

කෙසේ වෙතත්, මෙය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නොමැත.