නුවරඑලිය සිට හැටන් දක්වා ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කල ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අනතුරට පත් වි ඇති බව නානුඔය පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම අනතුර සිදු වි ඇත්තේ ඊයේ (21) දින රාත්‍රි 7.30 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වතුයාය අභියසය.
අධික බැවුමක් සහිත එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය රියදුරු පාලනයෙන් මිදි ඉදිරියට ධාවනය වු මාර්ගයේ අභියස පිහිටි කන්ද ගැටි ඉදිරියට ඇදි ගොස් ලොරි රථය නතර වි ඇත.
අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ අනතුරෙන් ලොරි රථයේ රියදුරුට හෝ රිය සහයකයාට තුවාල සිදු වි නොමැති වුවත්, ලොරි රථයට අලාභ හානි සිදුවී ඇති බවටයි.
You May Like This Video