නෙළුම් කුලුනේ විවෘත කරන වෙලාව වෙනස් වෙයි..විශේෂ දැනුම්දීමක්..

By Aruna Dec 22, 2024 02:43 AM GMT
Report

නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුලුන මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කිරීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.

පාසල් ගුරුවරුන්ට ටියුෂන් තරහනම් කරමින් නියෝගයක්..විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්.

පාසල් ගුරුවරුන්ට ටියුෂන් තරහනම් කරමින් නියෝගයක්..විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්.


ඒ අනුව දෙසැම්බර් 25 සහ 26 යන දෙදින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත්, දෙසැම්බර් 27 වනදා පෙරවරු 9 සිට රාත්‍රි 11 දක්වාත් නෙළුම් කුලුන විවෘතව තැබෙනු ඇති බවයි පැවසෙන්නේ.

මීට අමතරව දෙසැම්බර් 31 වැනිදා සහ ජනවාරි 01 වැනිදා යන දින දෙකෙහිම පෙරවරු 9 සිට පසුදින අලුයම 1 දක්වා නෙළුම් කුලුන විවෘතව තැබීමට නියමිතව ඇත.

You May Like This Video