ධාවනය වෙමින් තිබූ දුම්රියේ සෙල්ෆි ගහන්න ගිය තරුණියට සිදු වූ දේ..

By Aruna Dec 04, 2024 06:17 AM GMT
Report

ඇල්ල - කොළඹ සංචාරක දුම්රියේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔහිය - ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය අසලදී උපයෝගිතා කණුවක ගැටීමෙන් ඉරාන සංචාරකයෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් 37 හැවිරිදි සංචාරක කාන්තාව දුම්රියෙන් වැටී බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

අකුණු අධිවේගී මාර්ගය උණුසුම් කළ බිහිසුණු රිය අනතුර..

අකුණු අධිවේගී මාර්ගය උණුසුම් කළ බිහිසුණු රිය අනතුර..


පොලීසිය සඳහන් කළේ, පිරිසක් සමඟ නානුඔය ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටි මෙම කාන්තාව දුම්රියේ පා පුවරුවේ නැගී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී අනතුරට ලක්ව ඇති බවයි.

තුවාල ලැබූ සංචාරකයා එම දුම්රියේම නානුඔය දක්වා ප්‍රවාහනය කර ඇති අතර එතැන් සිට ගිලන් රථයකින් ඇය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

You May Like This Video