ප්‍රධාන මාර්ගයක බිහිසුණු අනතුරක්..4කට බරපතලයි..
අනුරාධපුරය - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගල්කුලම, ඔරලෝසු කණුව අසලදී අද (16) උදෑසන අනතුරක් සිදුව තිබේ.
චමුදිතව පිටරටිනුත් මරණව කියනවා..ඒමදිවට ලංකාවේ බුද්ධි අංශයෙනුත් මරන්න සූදානමක් ලු..මරණ තර්ජන ගල්මුල් ප්‍රහාර මැද චමුදිත ආරක්ෂාව පතා ඇමති ටිරාන්ට ලියයි..
කුඩා වෑන් රථයක් පැමිණි වේගයත් සමග වංගුව ගැනීමේදී එක්වරම ඊට ඉදිරියෙන් ඇති පොලිස් මාර්ග බාධකය නිරීක්ෂණය වීමත් සමඟ එහි ගැටීමෙන් සිදුවන්නට ගිය අනතුර රියැදුරා විසින් වළක්වාලීමට ගත් උත්සාහයකදී බාධකය පසුකරමින් ඉදිරියට පැමිණි ත්‍රීරෝද රථයක් හා ගැටීමෙන් රථ දෙකම ඉදිරියට ඇදීගොස් පෙරලී මෙසේ අනතුරට පත්ව තිබෙන්නේ.
එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු හා වෑන් රථයේ පැමිණි රියැදුරුවරිය බරපතල තුවාල ලබා අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.