මහ පාරේ සර්පයෙකු කරේ දමාගෙන ගිය පුද්ගලයෙකුට අවසානයේ සිදු වූ දේ මෙන්න..

Sri Lanka Accident
By Aruna Apr 18, 2023 03:33 AM GMT
Aruna

Aruna

Report

මුලතිව් මාන්කුලම් කිවන්කුලම් ප්‍රදේශයේ පුද්ගලයෙකු බීමතින් සර්පයෙකු කරේ දමා ගෙන යාමේදී සර්පයා දෂ්ඨ කිරීමෙන් එම පුද්ගලයා ඊයේ (17) දින මරණයට පත් වීමේ පුවතක් වාර්තා වනවා.

බාලසුන්දරම් ජගතීස්වරන් නැමැති මොහු (47) හැවිරිදි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ. ඔහු සාදයකට සහභාගී වී රාත්‍රියේ ආපසු ඔහුගේ නිවස බලා එමින් සිටියදී මාර්ගයේ සර්පයෙකු සිටිනු දැක තිබෙනවා.

ඔහුට සර්පයා දෂ්ඨ කොට තිබෙන්නේ, අසල වූ මුගුරකින් සර්පයාට පහර දී ඌ මැරුණු බව සිතා කරේ දමාගෙන නිවස වෙත එමින් සිටියදීයී.

පාරේ ගමන් කළ පිරිසක් ඔහු වැටී සිටිනු දැක මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුව කිළිනොච්චිය රෝහල වෙත මාරු කොට යවා ඇතත් ඒ වන විටත් ඔහු සර්ප විෂෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් කිළිනොච්චිය රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාන්කුලම පොලීසිය විසින් සිදු කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now