භයානක කැබ්රථ අනතුරක් මෙන්න.(CCTV VIDEO)

Accident Sri Lanka Cctv Vadduwa Cab bike accident
By Aruna Nov 05, 2021 05:16 AM GMT
Aruna

Aruna

Report

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් පොළ අසල දී යතුරුපැදියක් හා කැබ් රථයක් ගැටී පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා තිබේ.

පසුගිය දා ඉන්ධන පිරවුම් හලට ඇතුළු කිරීමට මාර්ගය හරහා හැරවීමට උත්සහ ගත් යතුරුපැදිය විරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් පැමිණි කැබ් රථයක ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා පානදුර මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය සහ කැබ් රථය අධික වේගයෙන් ගමන් කිරීම අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අද (05) මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිපත් කිරීමට නියමිතය. අනතුර සිදුවන අයුරු ඉන්ධන පිරවුම් හලේ සවිකර තිබූ CCTV කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha