දුම්රියේ ගැටී 10 ක් මරුට..05ක් තුවාල ලබයි..මෙරට සිදුවූ අවාසනාවන්ත සිදුවීම.
Accident
Jaffna
Train accident
By Aruna
යාපනය කොඩිකාමම් පොලිස් වසමේ ආසෙයිපිල්ලෙයි ප්‍රදේශයේදී ධාවනය වූ දුම්රියකට ගව රංචුවක් ගැටීම හේතුවෙන් ගවයින් 10 ක් පමණ ඊයේ දින මිය ගොස් ඇතැයි ගවයින්ගේ හිමිකරුවන් පවසා සිටියහ.
යාපනය දෙසට ධාවනය වු අදාල දුම්රිය පරික්ෂණ දුම්රියක් වන අතර දුම්රිය ධාවනය වන අවස්ථාවේදී ගව රංචුවක් දුම්රිය ගමන් මාර්ගයේ සිටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
එහිදී දුම්රියේ ගැටුනු ගවයින් 10 ක් පමණ මිය ගොස් 05 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර අනතුරින් පසුව ගවයින්ගේ හිමිකරුවන් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ මිය ගිය සහ තුවාල ලැබූ ගවයින් රැගෙනයාමට කටයුතු කරන ලදි.
ගෙවුනු කාලසීමාවේදී උතුරු දුම්රිය මාර්ගයේදී ගවයින් විශාල ප්‍රමාණයක් දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බවටද ප්‍රදේශවාසීන් පවසා සිටිති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |