ප්‍රසිද්ධියේ තරුණයෙකුගේ අත් දෙකම කපා දමයි..ප්‍රදේශයක් උණුසුම් වෙයි..

Police Sri Lanka Bandaragama walgama
By Aruna Oct 17, 2021 09:06 AM GMT
Aruna

Aruna

Report

තවත් පුද්ගලයකුගේ එක් අතක් කපා දමලා ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු පැමිණ තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඉන් එක් පුද්ගලයෙකුගේ අත් දෙකම වෙන් වන සේ කපා දමා ඇති අතර අනෙක් පුද්ගලයාගේ එක් අතක් කපා දමා ඇත.

බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේ නිවසක් ඉදිරිපිට දී මෙම ප්‍රහාරය අද (17) එල්ලවී තිබේ.

දෙඅත්වලට ප්‍රහාරය එල්ල වූ පුද්ගලයා මහමග දිවගොස් ඇද වැටී තිබෙන අතර ඔහුට උදව් කිරීමට කිසිවෙකුත් ළංවී නොමැති බවද වාර්තා වෙයි.

අනෙක් පුද්ගලයා පොලීසියට දිවගොස් තිබුණි.

පසුව බණ්ඩාරගම පොලීසිය සුවසැරිය ගිලන් රථයක් සමග වැටීසිටි පුද්ගලයා වෙත පැමිණ එම ස්ථානයේදීම මූලික ප්‍රතිකාර කිරීමට පියවර ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෑතකදී රිමාන්ඩ් භාරයෙන් නිදහස්වී පැමිණි පුද්ගලයකු බවය.

ඔහු මත්කුඩු ජාවාරම සිදු කරන්නෙකු බවත් පොලීසිය පවසයි.

ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් ද මත්කුඩු ජාවාරමේ නිරතවන්නන් බවට චෝදනා ලැබූවන් බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔවුන් රැඳීසිටි ත්‍රීරෝද රථයේද තියුණු ආයුධ තිබුණු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now