වෙරිවෙච්ච රියදුරුගේ ජීප් රථය පාලනයෙන් ගිලිහී යයි..කතක් 99න් බේරැණු හැටි මෙන්න.(VIDEO)

Accident Sri Lanka Kadawatha
By Aruna Oct 15, 2021 07:36 AM GMT
Aruna

Aruna

Report

කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ අධික ලෙස බීමත් ව සිටි පුද්ගලයෙකු සිය ජීප් රථය පාලනය කරගත නොහැකිව අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක සටහන් ව තිබුණි.

එම පුද්ගලයා විසින් කඩවත - නුවර මාර්ගයේ හෝටලයක් ඉදිරිපිට නවතා තිබු සිය ජීප් රථය එක්වරම පසුපසට ගෙන නැවත වේගයෙන් ඉදිරියට ගන්නා අවස්ථාවේ දී එය ඔහුගේ පාලනයෙන් මිදී හෝටලය ඉදිරිපිට නවතා තිබු වෙනත් ජිප් රථයක ගැටෙන අයුරු එහි දැක්වුණි.

අනතුරුව ජිප් රථයේ සිටි එම පුද්ගලයා, ඉන් බැස ඇවිද යන විට ඇද වැටෙන අයුරු ද දැකගත හැක.

බීමතින් සිටි රියදුරුවරයා ව කඩවත පොලීසියට රැගෙන ගොස් ඇති අතර, පසුව නිදහස් කොට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now