16 හැවිරිදි පාසල් සිසුවෙකුට පොලිස් නිලධාරීන් පිරිසක් කරල තියන දෙයක්..

By Piyumika Aug 11, 2024 04:07 AM GMT
Report

පයාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පිරිසක් විසින් යතුරුපැදියක් නොනැවත්වූ බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.

විශ්‍රාමික PHIගේ මෝටර් රථය හදිසියේ ගිනිගනී..ගිනි තැබුවාද සැකයක්..

විශ්‍රාමික PHIගේ මෝටර් රථය හදිසියේ ගිනිගනී..ගිනි තැබුවාද සැකයක්..

පසුගිය 07 වනදා අදාළ සිසුවා, පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳසැලකට ගොස් ඇති අතර මිතුරා හෙල්මට් පැළඳ සිට නොමැති බව පොලීසිය පවසා ඇත .

එහිදී පයාගල පොලිසියේ රථවාහන අංශයේ ජංගම නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් යතුරුපැදිය නවත්වා බැන වැදී තිබේ.

දින 15කට වැඩි කාලයක් පුරාවට පැවති පැරිස් ඔලිම්පික් උලෙළ අදින් නිම වේ..

දින 15කට වැඩි කාලයක් පුරාවට පැවති පැරිස් ඔලිම්පික් උලෙළ අදින් නිම වේ..

එම අවස්ථාවේ දී පාසල් සිසුවා යතුරුපැදිය යළි පණගන්වා අසල පිහිටි ඥාතී නිවසක් වෙත යතුරුපැදිය ධාවනය කර ඇති බව සඳහන්ය.

පොලිස් නිලධාරින් ඔවුන් ලුහුබැඳ ගොස් යතුරුපැදියේ පසුපස සිටි සිසුවාට කනට පහරක් එල්ලකර යතුරුපැදිය පැදවූ පාසල් සිසුවාටද පහරවල් කිහිපයක් එල්ලකර ඇති අතර එම අවස්ථාවේ දී ඔහු බිම ඇදවැටී ඇති බවත් පසුව පා පහරක් එල්ලකර තුනටිය ප්‍රදේශය පාගා ඇති බව වාර්තා වේ.

ගනේමුල්ල සංජිව ඔසවාගෙන ගොස් වෙනත් සිරකුටියකට..සිරකුටි මාරු කිරීමට අකමැති වූ ජේලර්ගේ වැඩ තහනම්..

ගනේමුල්ල සංජිව ඔසවාගෙන ගොස් වෙනත් සිරකුටියකට..සිරකුටි මාරු කිරීමට අකමැති වූ ජේලර්ගේ වැඩ තහනම්..

පහරකෑමට ලක්වූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල ට ඇතුළු කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පයාගල පොලීසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බව එම කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය.