චීනයේ නව අවුරුදු නිසා රේගුවේ බහාලුම් තදබදය අවසන් වන ලකුණු?...

Sri Lanka Sri Lanka Customs
By Piyumika Jan 29, 2025 08:50 AM GMT
Piyumika

Piyumika

Report

වරාය තුළ මේ වනවිට පවතින බහලුම් තදබදය ලබන මස තුන්වන සතිය වන විට සම්පුර්ණයෙන්ම අවසන් කළ හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මේ වනවිට ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කරමින් සිටින බවයි  එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ .

ලංගම සභාපතිත් ගෙදර යයි...ආණ්ඩුවට මොකද වෙන්නේ..මේ ධූරයෙන් ඉල්ලා අස්වූ නව පත්වීම් වල දෙවෙනි සභාපතිවරයා....

ලංගම සභාපතිත් ගෙදර යයි...ආණ්ඩුවට මොකද වෙන්නේ..මේ ධූරයෙන් ඉල්ලා අස්වූ නව පත්වීම් වල දෙවෙනි සභාපතිවරයා....

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වරාය වෙත දෛනිකව පැමිණ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බැලීම සිදුකරන බව සඳහන්ය.

මෙරටට වැඩිම බහලුම් ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙන් වන අතර ජනවාරි මස තුන්වන සතියේ පමණ සිට චීනයෙන් ආනයනය කරන බහලුම් තාවකාලිකව නැවතී තිබේ.

ස්මිත් ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසු කරයි..

ස්මිත් ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසු කරයි..

ඊට හේතුවී ඇත්තේ චීනයේ නව අවුරුදු උත්සවය හේතුවෙන් මසක කාලයක් එරට කර්මාන්ත ශාලාවලට නිවාඩු ලබා දීමයි.

ඒ අනුව මෙරටට ලැබෙන බහලුම් ප්‍රමාණය සැලකිය යුතු අඩු වීමක් පෙබරවාරි මස දෙවන සතිය දක්වා සිදුවන අතර එම කාලය තුළ පවතින බහලුම් තදබදය හැකි ඉක්මනින් අවසන් කිරීමට හැකිවනු ඇති බව ශ්‍රි ලංකා රේගුව පැවසීය.

You may like this video

ReeCha