ලංකාවේ වෛද්‍යවරු 500ක් පමණ නොකියම යන්න ගිහින්.

GMOA Sri Lanka
By Wayomi Sep 11, 2022 10:36 AM GMT
Wayomi

Wayomi

Report

ගෙවුනු මාස 8ක කාලය තුල ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් 500 ක් පමණ විදෙස් ගත වී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය 09දා මේ බව කියා සිටියා.

ගෙවුනු මාස දෙක තුල විදෙස් ගතවුණු වෛද්‍යවරු බොහෝ දෙනෙක් විදෙස් ගතව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමකින් තොරවයි.

ඒ හේතුවෙන් මේ වනවිට සේවය අතහැරයාමේ නිවේදන නිකුත් කළ වෛද්‍ය වෘත්තියකයන්ගේ ගණන පනහකට වැඩි බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙනවා.

මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මෙම තත්ත්වය බරපතල කාරණයක් බවත්, රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට තදින් බලපෑම් ඇති කරන්නක් බවත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW