අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි! - අද ලැබුණු විශේෂ අධිකරණ තීන්දුව මෙන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් වග උත්තරකරුවන්ට කල් ලබා දෙනු ලැබුවා.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සම අද මායාදුන්නේ කොරයා සහ ඒම්. ගොපල්ලව යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය නිලධාරියකු බවයි.
කෙසේ වෙතත් මෙම පෙත්සම තුළින් තම සේවා දායකයාට එරෙහිව අතුරු තහනම් නියෝග කීපයක් ඉල්ලා තිබෙන බැවින් ඊට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක බරන් සඳහන් කළේ, හදිසි නඩු කටයුත්තක් සේ සලකා මෙම පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම සඳහා ආසන්න දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 28 වැනිදාට පෙර ගොනුකරන ලෙස වග උත්තර කරුවන්ට නියෝග කළ අධිකරණය ඊට අදාළ ප්රතිවිරෝධතා වේ නම් ඒවා මාර්තු මස 30 වැනිදාට පෙර ගොනුකරන ලෙස නියෝග කරනු ලැබුවා.
ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි මස 14 වැනිදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.
රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයේ නිරතව සිට ඉන් ඉවත් නොවී ඉකුත් මහ මැතිවරණයට තරග කිරීම තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව ඔහුට මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බවත් පෙත්සම්කරු කියා සිටියා.
ඒ අනුව අදාළ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
You May Like This Video