නිමේෂයකින්, දෙනෝදාහක් මැද ශ්‍රී පාදයෙන් තරුණයෙක් පහළට පැනලා - ඔහුත් එක්ක ආ කාන්තාවන් දෙදෙනා කී අමුතුම දෙය..(CCTV VIDEO)

Report

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේ දි ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී තිබෙනවා.

නිමේෂයකින්, දෙනෝදාහක් මැද ශ්‍රී පාදයෙන් තරුණයෙක් පහළට පැනලා - ඔහුත් එක්ක ආ කාන්තාවන් දෙදෙනා කී අමුතුම දෙය..(CCTV VIDEO) | A Young Man Is Missing At Sripadaya

ඒ බව නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ ය.

මෙලෙස ශ්‍රි පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වී ඇත්තේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමති වයස අවුරුදු 33ක් වන තරුණයෙක් බව වාර්තා වේ.

ඔහු සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග ඊයේ (19) දින උදෑසන ශ්‍රි පාද වන්දනාවේ පැමිණ තිබෙනවා.

පසුව ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහළට බසිමින් සිටියදි එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහළට පනින අයුරු ශ්‍රි පාද උඩ මළුවේ සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශනවල පටිගත වී ඇත.

"පාලිතගේ හඬපටත් මම ළඟ තියෙනවා.." - රංජන් සංවේදී වෙමින් ප්‍රසිද්ධියේම කීව දෙය.. (VIDEO)

"පාලිතගේ හඬපටත් මම ළඟ තියෙනවා.." - රංජන් සංවේදී වෙමින් ප්‍රසිද්ධියේම කීව දෙය.. (VIDEO)


අද (20) උදෑසන සිටම එම තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් ශ්‍රි පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇත.

එම තරුණයා සමගින් පැමිණි කාන්තාවන් දෙදෙනා පවසා ඇත්තේ අදාළ තරුණයා  මළුවෙන් පහළට පැනිමට ප්‍රථම සිහි විකල්ව සිටි බවයි.

කෙසේ වෙතත්, ඔහු සම්බන්ධයෙන් රත්නපුර ශ්‍රි පාද මාර්ගයේ පිහිටි සිරිපාගම පොලිසිය වෙත ඔහුගේ ඥාතින් විසින් පැමිණිල්ලක් කර ඇති බව වේ. 

වීඩියෝ දර්ශන - Hiru News