තත්ත්වය භයානකයි - දිස්ත්රික්ක පහක ප්රදේශ රැසකට පළමු සහ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්රදේශ කිහිපයකට අදාළව නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ගාල්ල තවලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනුවෙන් පළමු අදියර යටතේ (කහ) නිවේදනයක් නිකුත් කර ඇති අතර කළුතර දිස්ත්රික්කයේ මිල්ලනිය, බුලත්සිංහල, බේරුවල සහ මදුරාවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද කහ නිවේදනයක් නිකුත් කර ඇත.
එසේම කළුතර දිස්ත්රික්කයේම වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අවට ප්රදේශ සඳහා දෙවැනි මට්ටම යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කිරීමටයි පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට
තවද කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල, අරණායක, යටියන්තොට සහ මාවනැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පළමු මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව කෝරළය සහ නොර්වුඩ් ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහාද පළමු මට්ටමේ (කහ) නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ ඇලපාත සහ පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීමක් සමඟ කුරුවිට, අයගම සහ රත්නපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට දෙවැනි මට්ටම යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කිරීමටද එම ආයතනය කටයුතු කර ඇත.