කළුතර සෝදිසි මෙහෙයුමක් උණුසුම් අතට - පොලිසියෙන් වෙඩි

Report

අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට කළුතර නාගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් වෙඩි තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිසිය සඳහන් කර ඇත්තේ මෙසේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු ප්‍රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි.

කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් නතර කරන්නැයි කළුතර බෝඹුවල ප්‍රදේශයේදී සංඥා කර ඇතත් පොලිස් අණ නොතකා ත්‍රිරෝද රථය නොනවත්වා ධාවනය කර ඇත.

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

එහිදී පොලිසිය කිලෝමීටර් හතරකට ආසන්න දුරක් එය හඹා ගොස් ඇති අතර කළුතර නාගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ත්‍රීරෝද රථය සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමටයි පියවර ගෙන තිබෙන බව සඳහන්.

ඒ අනුව මෙසේ තුවාල ලබා ඇත්තේ කළුතර රජවත්ත ප්‍රදේශයේ පදිංචි 'රජවත්ත සංජු' නමැති පුද්ගලයෙක්.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී මත්ද්‍රව්‍ය සොයාගත් බවයි.

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

අද මුළු රටම හොයපු ලග්න පලාපල - දවසම සුබ වෙන්නේ මෙහෙමයි

අද මුළු රටම හොයපු ලග්න පලාපල - දවසම සුබ වෙන්නේ මෙහෙමයි