යුක්තියේ මෙහෙයුම අතරතුර උක්කුං අක්කගෙන් ප්‍රහාරයක්.. - එකපාරටම බෝතලයක් කඩලා අරන් කළ දෙයින් පොලීසියේ දෙන්නෙක් රෝහලේ..

Report

අද (21) යුක්තිය මෙහෙයුමට සමගාමීව, වැලිකන්ද පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය පොළොන්නරුව, වැලිකන්ද, කඩවතමඩුව ප්‍රදේශයේ වැටලීමකට ගොස් තිබෙනවා.

යුක්තියේ මෙහෙයුම අතරතුර උක්කුං අක්කගෙන් ප්‍රහාරයක්.. - එකපාරටම බෝතලයක් කඩලා අරන් කළ දෙයින් පොලීසියේ දෙන්නෙක් රෝහලේ.. | A Woman Was Arrested At Polonnaruwa

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කාන්තාවක් බෝතලයකින් ඇනීමෙන් එම පොලිස් සැරයන්වරුන් දෙදෙනා තුවාල ලබා ඇත.

ඒ හේතුවෙන් ඔවුන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය සඳහන් කළේ ය.

අල්ලස් දෙන්න ගිය ගනේමුල්ල සංජීවගේ නීතිඥවරියට වැඩ වැරදෙයි.. ලීක් වුණ හඬ පටය එළියට.. (VIDEO)

අල්ලස් දෙන්න ගිය ගනේමුල්ල සංජීවගේ නීතිඥවරියට වැඩ වැරදෙයි.. ලීක් වුණ හඬ පටය එළියට.. (VIDEO)


සැකකාර කාන්තාව විසින් බෝතලයක් කඩා බෝතලේ කොටසකින් පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ වම් හා දකුණු අත ප්‍රදේශයට ඇන තිබෙනවා.

එලෙස තුවාල ලැබීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා සඳහන් කළේ ය.

යුක්තියේ මෙහෙයුම අතරතුර උක්කුං අක්කගෙන් ප්‍රහාරයක්.. - එකපාරටම බෝතලයක් කඩලා අරන් කළ දෙයින් පොලීසියේ දෙන්නෙක් රෝහලේ.. | A Woman Was Arrested At Polonnaruwa

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කඩවතමඩුව, නව මැණික්දෙනිය ගම්මානයේ පදිංචි, උක්කුං අක්කා යන නමින් නීති විරෝධී මත්පැන් අලෙවියට ප්‍රසිද්ධ සිටින කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකාර කාන්තාව 45 වියේ පසු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Sponsored By Sarrita Jewellery

යුක්තියේ මෙහෙයුම අතරතුර උක්කුං අක්කගෙන් ප්‍රහාරයක්.. - එකපාරටම බෝතලයක් කඩලා අරන් කළ දෙයින් පොලීසියේ දෙන්නෙක් රෝහලේ.. | A Woman Was Arrested At Polonnaruwa