කොස්සක් කැඩෙනකම් ලේලියගෙන් නැන්දම්මාට කොසු ප්‍රහාරයක් - තුවාල ලැබූ නැන්දම්මා රෝහලේ.
Sri Lanka Police
Sri Lanka
Hospitals in Sri Lanka
By krishani
වේයන්ගොඩ ප්‍රදේශයේ දී නැන්දම්මා හා ලේලිය අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් කොස්සක් කැඩෙන තුරු ලේලිය විසින් නැන්දම්මාට පහර දී ඇති පුවතක් වාර්තා වෙනවා.
පහරදීමෙන් නැන්දම්මාගේ දකුණු අතෙහි අස්ථි බරපතළ ලෙස බිඳීමකට ලක්ව ඇති අතර ඇයව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබීමෙන් පසුව පිටව ගොස් තිබෙනවා.
ඔවුන් දෙදෙනා එකම නිවසේ වාසය කර ඇති අතර එහිදී ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙසේ ලේලිය විසින් පහර දී ඇති අතර මුළුතැන්ගෙයි තිබූ කොස්ස කොටස් කීපයකට කැඩී වෙන්ව තිබෙනවා.
මේ අතර නැන්දම්මා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් ලේලිය අත්අඩංගුවට ගැණින.
පසුව ලේලිය විසින් පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරිපිට නැන්දම්මාට වැඳ සමාව ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා සාමකාමීව ජීවත් වන බවට එහිදී පොරොන්දු වී ඇත.
