ගෑස් මාරයා බිලිගත් දෙවන ජීවිතයත් අද වාර්ථා වෙයි..

MATARA GAS ACCIDENT UDU PILLA
By Sewvandhi Dec 06, 2021 05:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෑස් ආශ්‍රිතව සිදු වූ ගින්නකින් පිළිස්සී තුවාල ලබා රෝහල්ගතව සිටි 68 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වනවා.

මෙම කාන්තාව මාතලේ - උඩුපිහිල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය පසුගිය නොවැම්බර් මස 19 වන දා පිළිස්සුම් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ බෑණනුවන් ප්‍රකාශ කළේ ගෑස් ආශ්‍රිතව සිදු වූ ගින්නක් හේතුවෙන් ඇය පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර සිටිය දී අද (06) දිනයේ ජීවිතක්ෂයට පත් වූ බවයි.

මේ පිළිබදව මාතලේ පොලීසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එය මේ දිනවල වාර්තා වන ගෑස් ආශ්‍රිත අනතුරුවලින් සිදු වූ මරණයක් නොවන බවටයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW