කෝටි 22ක් අරන් පනින්න හැදූ කතක් මාට්ටූ
Sri Lanka Police
Law and Order
Sinhala news
By Mithu
ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22ක මුදලක් කොල්ලකෑම සඳහා කොල්ලකරුවන් පැමිණි වෑන් රථයේ හිමිකාරණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වෙලම්බොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රන් බිස්කට් කිලෝ 15ක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි 22 ක මුදලක් ගෙන්වාගෙන එම මුදල් ඉකුත් මැයි මස 08 වැනි දින 08 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ කොල්ලකා තිබුණි.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරණියක බව කියන සැකකාර කාන්තාව තඹුත්තේගම ප්‍රදේශයේ සැඟව සිටියදී ලද තොරතුරකට අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබේ. වෙලම්බොඩ ප්‍රදේශයේ ආවේෂණ කැමරාරා පද්ධති පරීක්ෂාකොට වෑන් රථය හඳුනාගෙන ඇති අතර මුදල් කොල්ලකෑම සඳහා එම වෑන් රථය පදවාගෙන පැමිණ ඇත්තේ ද එම වෑන් රථය හිමි කාන්තාවගේ සැමියා බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.