නැවත යුද්ධයක් වෙන්න දෙන් නෑ .ජනපති කියයි

Report

අත්තිඩිය  ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ ගොස් තිබෙනවා.   

එහි දී සෙබළුන් සමඟ සුහද පිළිසදරක නිරත වූ ජනාධිපතිවරයා සෙබළුන් විසින් නිර්මාණය කළ සිතුවම් හා නිර්මාණ නැරඹීමට එකතු වූ බවයි වාර්තා වන්නේ. 

නැවත යුද්ධයක් වෙන්න දෙන් නෑ .ජනපති කියයි | President Goes To See Heroes 

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට ජීවිත මෙන්ම අත් පා හා ශරීර කොටස් අහිමි වී සදහට ම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වී ඇති බව පැවසූ ජනධිපතිවරයා යළිත් කිසිදු දිනෙක එවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කර සිටියා.   

තිරය පිටිපස ඉඳන් උපායශීලීව කොළඹ බලේ ගන්න වැඩ.. - රවි

තිරය පිටිපස ඉඳන් උපායශීලීව කොළඹ බලේ ගන්න වැඩ.. - රවි

ආබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමන් අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා එහිදී තහවුරු කළේය.   

නැවත යුද්ධයක් වෙන්න දෙන් නෑ .ජනපති කියයි | President Goes To See Heroes

පසුව මිහිඳු සෙත් මැදුර - සුවතා නිකේතනයෙ හි සේවය කරනු ලබන වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟ  අදහස් හුවමාරු කර ගත් ජනධිපතිවරයා,  සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව අවධානය යොමු කර ඇත. 

චාමර සම්පත්ට ඇප

චාමර සම්පත්ට ඇප